තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම තමා එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම රටේ ජනාධිපති බවත් , එම තනතුරු බෙදාගෙන කළ යුතු බවත් සඳහන් කරන ලදී .
වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,
” මම ඉවත් කරන්නට සිතා මගේ ගෙදර ගිනි තිව්වා. එහෙත් යූඑන්පී කාරයෝ එහෙම අයින් වෙන්නෙ නෑ. ඊට පස්සේ මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න යැයි කිව්වා.ඇත්තටම මම ආවේ ලංකාව සහ එහි පුරවැසියන් ආරක්ෂා කරන්න.ආර්ථික අර්බුදයේ ඇති වූ කාලයේ ඩොලර් දෙසීයක් විතර මගේ ගෙදර තිබුණා.ඒ කාලයේ ලංකා ආණ්ඩුවට වඩා මට විදේශ විනිමය තිබුණා.අපි බාර ගත්තේ එහෙම ආණ්ඩුවක්. වෙනස පටන් ගන්න ඕන අනුන්ගෙන් නොව තමන් ගෙන්මයි .ඒ නිසා ජනාධිපති ලෙස මා ඒ වෙනස පටන් ගත්තා.21 වෙනි සංශෝධනය සම්මත කොට ජනාධිපති බලතල අඩු කළා.”














































