පොලිස්පති ධූරයේ කටයුතු කරන සී.ඩී.වික්‍රමරත්නට ලබා දී තිබූ දෙවන සේවා දිගුව අදින් (09) අවසන් වන බව වාර්තා වේ .
2020 වර්ෂයේ නොවැම්බර් මස පොලිස්පති ධූරය භාරගත් සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු 25 වනදා පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබූ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3 ක සේවා දිගුවක් ලබා දුනි.
එම සේවා දිගුව දීර්ඝ කරනු ලැබුවේ පසුගිය ජුනි මස 9 වනදා සිට තවත් මාස 3 ක කාලයක් සදහායි.














































