අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10වන ශ්‍රේණියේදීත් , අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සහාවේ වාර්තාව එලෙස නිකුත් කර ඇති බව සඳහන් වේ.
එම කාරක සභාවේ සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අදාළ වාර්තාව ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (21) සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට ස්වාධීනව කටයුතු කරන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමට උසස් අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිර්දේශ කර ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .














































