චන්ද්‍රයාන් 3 යානය සදෙහි දක්ෂිණ ධ්‍රැවයට සාර්ථකව ගොඩ බැස්වූ ඉන්දියාව සූර්ය ගවේෂණ මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
එරට වාර්තා සඳහන් කරන්නේ ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය බොහෝ දුරට සැප්තැම්බර් මස දෙවනදා වන විට ඊට අදාළ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.
ඒ සදහා ආදිත්‍යා එල් 1 අභ්‍යාවකාශ යානය නිර්මාණය කර ඇති අතර එය ඉන්දියාවේ පළමු සූර්යය ගවේෂණ අභ්‍යාවකාශ මෙහෙයුමයි.
බැන්ගලෝරය පදනම් කරගත් භෞතික විද්‍යා ආයතනය ,පූනේ හි තාරකා විද්‍යාව පිළිබඳ අන්තර් විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයද මෙම සූර්ය ගවේෂණ මෙහෙයුම සඳහා සහය ලබා දෙන බව සඳහන්.















































