ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආරම්භ වුණු නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.
ඉන්දීය විද්‍යාඥයන් මෙම නව කොරෝනා වෛරසය නම් කර ඇත්තේ ‘ජේ.එන්1’ යනුවෙනි.
මෙය කොවිඞ් 19, ‘ඔමික්‍රෝන්’ වෛරස ප්‍රභේදයේ, උප ප්‍රභේදයක් ලෙස සැලකෙන ‘බී.ඒ.2.86’ ප්‍රභේදයෙන් බිහිවුණු නව වෛරසයකි.
‘ජේ.එන්1’ වයිරසය මුලින්ම හඳුනා ගෙන ඇත්තේ කේරළයෙන් වන නමුත් මේ වනවිට ‘ජේ.එන්1’ ආසාදිතයන් ඇමෙරිකාවෙන් සහ සිංගප්පූරුවෙන් ද හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
දින හතරක් හෝ පහක් පවතින තද උණ, සොටු දියර ගැලීම, උගුරේ වේදනාව, හිසරදය ‘ජේ.එන්1’ වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව පැවැසෙයි.















































