අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු ව අත්අඩංගුවට ගෙන තිබුණේ ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.














































