ආසියානු කුසලාන තරගාවලිය ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ ඉන්දු – පාකිස්තාන සුපිරි සිව් දෙනාගේ වටයේ තරගය වර්ෂාව හේතුවෙන් නවතා දැමීමට සිදු විය.
ඒ වනවිට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24.1කදී කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් ලබා සිටියේය.
ඒ අනුව තරගය එතැන් සිට අද (11) පස්වරු 3.00ට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.













































