උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙයි.
ඒ අනුව,කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මාර්තු මස උද්ධමනය සියයට 50.3ක් ලෙස සටහන් වී තිබේ.
එය 2023 පෙබරවාරි මාසයේදී 50.6% ලෙස පැවතුණි .
මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවතුණු අතර එය මාර්තු මාසයේදී 47.6% දක්වා අඩුවී තිබේ.














































