ඉදිරි ගෝලීය අභියෝග වලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වන බැවින් කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය,ජෙනොම් විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපගේ අනාගත පරපුරද සූදානම් කළ යුතු බව සදහන් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා ඇත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.
අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය යුතු බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරන ලදි.













































