මුලතිව් වැලිඔය ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායමක සිටි තරුණයින් දෙදෙනෙකු විසින් එම කණ්ඩායමේ ඔවුන් සමඟ සිටි තරුණියක්ව බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ ඇති අතර එම සැකකරුවන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ක්‍රියාතමක බව වාර්තා වේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට ද පැමිණිල්ලක් ලැබී තිබෙන බව සඳහන් වේ.
මෙම සැකකාර තරුණයින් දෙදෙනා විසින් අදාළ තරුණියව ඔවුන්ගේ නවාතන් ගෙන සිටි වාඩිය අසලට රැගෙන ගොස් කීප අවස්ථාවකදීම ඇයව දූෂණය කර තිබෙන බව සඳහන්.මෙම සිද්ධියෙන් බියට පත්ව තරුණිය එක්තරා අවස්ථාවකදී දිව යන විට ඇද වැටී තිබේ.අනතුරුව වෙනත් පිරිසක් විසින් ඇයව මුලතිව් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.මෙම තරුණිය අදාළ සැකකාර තරුණයින් දෙදෙනා සමඟ පොර බදා ඇති අතර ඇගේ ශරීරයේ ස්ථාන කිහිපයකම තුවාල සිඳු වී තිබෙන බව සඳහන්.නමුත් මෙම තරුණයින් දෙදෙනා එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයෙන් තොරතුරු විමසීමක් කළ ද එම කාර්‍යාලයට එවැන්නක් සම්බන්ධයෙන් පැමිණ්ල්ලක් ලැබී නොමැති බව ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබේ.














































