එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්‍යාස සමුළුව සඳහා සහභාගී වන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් හසන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ආරාධනා කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විසින් ඊට අදාළ ලිපිය ඊයේ (22) ජනාධිපතිවරයා වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
මෙම සමුළුව නොවැම්බර් මස 30 වන දා සිට දෙසැම්බර් මස 12 වනදා දක්වා ඩුබායි හි එක්ස්පෝ නගරයේ දී ලෝක නායකයින් , විද්වතුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිත බව සඳහන්.














































