විශේෂඥ කණ්ඩායම්වල පරීක්ෂාවෙන් අනතුරුව නායයාමට ලක් වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැන්පිටහේන කන්ද ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු ඇතුළු වීම තහනම් කර ඇති බව වාර්තා වේ.
පසුගිය 03 වැනිදා සිට අවස්ථා කිහිපයකදී එම කන්ද නායයාමට ලක් වූ අතර එහි උච්චතම අවස්ථාව පෙරේදා (05) සවස වාර්තා වූ අතර ,ඉන්පසු එදින රාත්‍රීයේත් ,ඊයේ (06) උදේ සහ දහවල් කාලයේත් අවස්ථා කිහිපයකදී කන්ද නායයාමට ලක්ව තිබූ බව වාර්තා වේ.
කඳු පාමුල සිටි අවදානම් පවුල් සියල්ල ඊයේ (06) පස්වරුව වන විට එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබූ බව සදහන්.
එමෙන්ම මේ වන විට එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාවද යොදවා ඇති බව වාර්තා වේ.














































