ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් ද අභ්‍යවකාශ තරගය සඳහා එක් වී ඇති බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා ඔහු විසින් කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා කිහිපයක් එළි දක්වා ඇති අතර, එහි අරමුණ වන්නේ, අන්තර්ජාල පහසුකම් වේගවත් කිරීම බවද ඔහු පවසයි.
ඔහු එම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ, KUIPER නමිනි.
ඔහු පවසන්නේ, එළැඹෙන වසර කිහිපය තුළ අභ්‍යවකාශ යානා 3,200ක් පමණ කක්ෂගත කර එමඟින් ලොව ඕනෑම තැනකට අන්තර්ජාල පහසුකම් ලබා දීම ඔහු ගේ අරමුණ බවයි.
එසේම මෙම ව්‍යාපෘතිය මඟින් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් ගේ STARLINK ව්‍යාපෘතියට තරගයක් එල්ල වෙතැයි විචාරකයෝ පවසති.














































