රටක් සමාජයක් ගොඩ නැංවීම සදහා සමාජ, ආර්ථික, දේශපාලනික දැනුම මෙන්ම ආගමික ලබ්දියද අවශ්‍ය බව විද්‍යානුකූලව පිළිගෙන තිබේ. ඕනෑම බිදවැටුණු සමාජයක් ගොඩ නැගීම සදහා සමාජ විද්‍යාත්මක ඉගැන්වීම් වලට අනුව රටක ප්‍රතිපත්තීන් සැකසිය යුතුය. ශ්‍රී ලංකාවේ සියළුම දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ තිබුනත් ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පෙන්වා දී නැත. ඉන් කියවෙන්නේ ඒ සදහා අවශ්‍ය දැනුම ඔවුන් සතුව නැති බව හෝ එය කිරීමට ඔවුන්ට අවශ්‍ය නැති බවය.
මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට යම්නි තරුණ නැබුරුවක් දක්නට ලබෙන අතර පොහොට්ටු පක්ෂයේ චන්ද විශාල ප්‍රමාණයක් JVP පක්ෂයට එකතුව තිබේ. නමුත් සමගි ජනබලවේගය චන්ද වලින්ප ඉදිරියෙන්රි සිටින බව දක්නට තිබේ. කෙසේ නමුත්ජ නතා විමුක්ති පෙරමුණට බලය ලැබුණු පසු ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ ‘පෞද්ගලික දේපළ අයිතිය‘ ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම අහෝසිකරන බව ඔවුන්ගේ වෙබ් අඩවියේ පෙන්වා දී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ එම ස්ථාවරය දක්වන එම වෙබ් අඩවියේ සදහන් ලේඛනයේ 54 හා 55 වගන්තිවල සදහන් ආකාරයට ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය මගින් දේපළවල පෞද්ගලික අයිතිය ඉවත් කර සමාජයේ පන්ති භේදයේ පදනම අහෝසි කරන බව පෙන්වා දී තිබේ. වර්තමානය විද්‍යාත්මක වශයෙන් සහ තාක්ෂණික වශයෙන් යම් දියුණුවක් ලබා තිබේ. ඕනෑම සමාජයක් වෙනස් කිරීම සදහා විප්ලව කිරීම අවශ්‍ය නොවේ. ඒ සදහා අවශ්‍ය වන්නේ දැනුම තිබෙන නායකයන් තෝරාගෙන පාර්ලිමේන්තුවට යැවීම පමණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ පිලිබදව විවේචනයක් කරන ලදී. කෙසේ නමුත් ඔහු දේශපාලන නායකයෙක් බැවින් ඊට වඩා වැදගත් වන්නේ උගත්කම මතින් ඒ පිලිබදව සිතීම පමණි.
එම ලේඛනයේ වගන්තිවල දක්වා ඇත්තේ මෙසේය,
“54. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකින් බලයට පත්වන ධනේශ්වර පන්තියේ දී මෙන් සමාජවාදී විප්ලවයකින් ජයග්‍රහණය කරන නිර්ධන පංතියට සීමිත කර්තව්‍යයකට මුහුණ දීමට සිදු නොවේ. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් අවසන් වන්නේ ධනේශ්වර පංතිය බලගන්වන විටය. නමුත් නිර්ධන පංති විප්ලවය ආරම්භ වන්නේ නිර්ධන පංතියට දේශපාලන බලය ලැබුණු විටය. බලයේ සිටින නිර්ධන පංතියට නව ආර්ථිකයක් සහ සමාජවාදී නිෂ්පාදන ක්‍රමයක් ඇති කළ යුතු අතර පන්ති සූරාකෑම, පන්ති පැවැත්ම සහ පෞද්ගලික දේපළ අයිතිය ඉවත් කළ යුතුය.
55. මෙය නිෂ්පාදන මාධ්‍ය සමාජ දේපල බවට පරිවර්තනය කරන නිර්ධන පංති සමාජවාදී විප්ලවයේ යුගයයි. භාන්ඩ නිෂ්පාදනය නෙරපා හරිනු ලබන්නේ ස්වේච්ඡාවෙන් ඒකරාශි වූ පන්ති සවිඥානික නිර්ධන පංතිය විසින් මෙහෙයවනු ලබන සෘජු සමාජ නිෂ්පාදනය මගිනි. ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය මගින් දේපළවල පෞද්ගලික අයිතිය ඉවත් කර සමාජයේ පන්ති භේදයේ පදනම අහෝසි කර මිනිසා විසින් මිනිසා සූරා කෑමේ ක්‍රියාවලියට තිත තබමින් අවසානයේ මිනිසා නිදහස් කරනු ඇත.“













































