ජාතික ජනබලවේගයේ විරෝධයට සහභාගි වී සිටියදී කදුළු ගෑස් උණ්ඩයක් මුහුණේ වැදීමෙන් අනතුරකට පත්ව සිටි පුද්ගලයකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 61 වියේ පසුවූ නිමල් අමරසිරි නමැති ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු බවයි සදහන් වන්නේ.
ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින් පැවතී විරෝධතා රැලියකදී මෙම අනතුර සිදුව තිබේ.














































