උත්සවය සමය ආරම්භ වීමත් සමග ජනතාව වැඩි වශයෙන් ආහාර පාන මිලදී ගැනීම සදහා ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර, ජනතාව සදහා වඩා සුරක්ෂිත, වඩා සෞඛ්‍ය සම්පන්න ආහාර පාන අලෙවිය තහවුරු කිරිම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරව නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ නියෝගයකට අනුව මහනුවර නගරය තුල විශේෂ මෙහෙයුමක් (4) ක්‍රියාත්මක විය.
මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා සහ මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා මෙහෙය වීමෙන් දිස්ත්‍රික්කයේ පුරාවට විසිරී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 54 ක කණ්ඩායමක් මෙම මෙහෙයුම සදහා සම්බන්ධ වූ අතර, එහිදී මහනුවර නගරයේ වෙළදසැල් රැසක් පරීක්ෂාවට භාජනය විය. එහිදී අලෙවිය සදහා සූදානම් කර තිබු සහ ගබඩා කර තිබූ නිසි ප්‍රමිතියෙන් තොර ආහාර පාන රැසක් වැටලීම සදහා අදාල කණ්ඩායමට හැකියාව ලැබූ අතර, අදාල වෙළදසැල්හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද මෙහිදී සිදුවිය.
මේ අතර ජනතාව චෝදනා කරන්නේ පාරිභෝගික අධිකාරිය විසින් මහනුවර හා තදාසන්න නගර රැසක වැඩි මිලට බඩු විකුණීමේදී බලා සිටින බවයි.එය සනාථ කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසාසිටියේ.
ආණ්ඩුව මොන සහන දුන්නත් වෙළඳ මාෆියාව විසින් එය සහන ජනතාව අතරට රැගෙන යන්නේ නැති බවයි.
පාරිභෝගික සේවා අධිකාරිය නිදි බව කී අලුත්ගමගේ මහතා ආණ්ඩුව බඩු මිල අඩු කළත් සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනව බව සඳහන් කළේය.
කොමිස් අරගෙන බුදියාගෙන ඉන්නේ නැතිව එළියට බැස වැටලීම් කරන්නැයි පාරිභෝගික සේවා අධිකාරියට බල කරන්නැයි වෙළෙඳ ඇමති ගෙන් ඉල්ලා සිටින බව කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවුරුදු කාලයේ ඒ කටයුත්ත කඩිනමින් කළ යුතු බවද සඳහන් කළේය.
සරත් සමරනායක














































