කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරය අසළ වැසිකිලියක පිපිරීමක් සිදු වූ බව වාර්තා වේ .
මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයාද සිය නිල කාමරය තුළ සිට ඇති අතර එම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන් .
එම පිපිරීමෙන් වැසිකිළියේ කොටස් හා ජනෙල් ඇතුලු දේපල රැසකට හානි සිදුව ඇති අතර අද දිනයේ සේවා ලබා ගැනීම සඳහා පැමිණි පිරිස්ද මෙම පිරිපිරීම සිදුවන අවස්ථාවේ එම කාර්යාල පරිශ්‍රයේ සිට ඇති බව වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කැකිරාව පොලිස් ස්ථානය මගින් මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන් .














































