පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පළෙහි ඇති ආපනශාලා සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේදී මිල ප්‍රදර්ශනය නොකර ආහාර ද්‍රව්‍ය අලෙවිය, පාරිභෝගිකයන් නොමග යන ආකාරයට ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් වෙනස්කර විකිණීමට ප්‍රදර්ශනය කර තැබීම, කල්ඉකුත් වූ බිස්කට් වර්ග විකිණීමට ප්‍රදර්ශනය කර තැබීම යන චෝදනා යටතේ ව්‍යාපාර ස්ථාන 5කට නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ආහාර සුරක්ෂිතභාවය මෙන්ම ආහාර ද්‍රව්‍ය සඳහා වූ නියමිත මිල ගණන් පිළිබඳ ජනතාව සැලකිලිමත්ව කටයුතු කිරිමට අවස්ථාව දීමෙන් පාරිභෝගික සුරක්ෂිතතාවය ඇති කිරීමට එම අධිකාරියේ අරමුණ බවත් , පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අධීක්ෂණයෙන්, වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ රසල් ද සොයිසා සහ සහකාර අධ්‍යක්ෂක ප්‍රදිප් කළුතරආරච්ච් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් දිවයින පුරා වැටලීම් දිනපතා ක්‍රියාත්මක කරන බවත් ඔවුන් සඳහන් කර තිබෙන අතර මෙම වැටලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, ඩබ්ලිව්. ඒ. කේ. එන්. වික්‍රමආරච්චි, එස්. දයානන්ද, ඩබ්ලිව්. ඒ. කෙ එස්. ලක්මාල්, ජෙ. එම. පීරිස්, යන නිලධාරීහු සහභාගී වූ බව වාර්තා වේ .














































