හදුන් දිවියාට උපකාර කිරීමට ගිය පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවට වාර්තා වේ.
කොග්ගල ප්‍රදේශයේ වැසිකිළි වළකට හදුන් දිවියෙකු ඊයේ (24) රාත්‍රියේ වැටී ඇති බව සදහන්.
එම අවස්ථාවේ මෙම ස්ථානයට බීමතින් පැමිණි පුද්ගලයෙකු දිවියා වලෙන් ගොඩ ගැනීමට බැස ඇති අතර එහිදී කෝප වී සිටි හදුන් දිවියාගේ ප්‍රහාරයට අදාළ පුද්ගලයා ලක්ව ඇති බවට පොලිසිය සදහන් කර තිබේ.
නුවරඑළිය වනජීවි කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව එම හදුන් දිවියා රැගෙන ගොස් ඇති බව සදහන්.














































