ඊයේ (24) දින සවස් කාලයේ අකුණු සැර වැදී බලන්ගොඩ, ගොඩකුඹුර ප්‍රදේශයේ පුදගලයකු මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
මෙලෙස අකුණු සැර වැදී මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිචි වයස අවුරුදු 18 වන තරුණයකු බව පොලිසිය සදහන්කර තිබේ.
අකුණු සැර වැදීම හේතුවෙන් බරපතල තත්වයේ පසුවූ තරුණයා බලන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වාර්තාවේ.
සිදුවීම පිලිබදව වැඩිදුර පරීක්ෂණ බලන්ගොඩ පොලිසිය සිදුකරනු ලබයි.














































