විදේශගතව සිට මෙරටට පැමිණ ඇති පුද්ගලයින් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු සහන පොලියට ණයක් ලබා දීමට තීරණය කළ බව අද (25) පාර්ලිමේන්තුවේදී මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා, විදෙස් ගත ශ්‍රමිකයින්ට මිලියන 2ක් දක්වා අඩු පොලියට ණයක් ගන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය බිලියන 5ක යොමු කරලා. කැබිනට් මණ්ඩලය යෝජනා කළා ඒ ලබාදෙන මුදලට අමතරව රුපියල් මිලියන 2ක ණය මුදලට අමතරව, ඒක ලබාදෙන්නේ රට ඉන්න අයට. දැනට ඇවිල්ලා ඉන්න අයටත් ඒ අයගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න, නැවත ව්‍යවසායකයෙක් බවට පත්කරන්න මේ ණය ක්‍රමය තවදුරටත් පුළුල් කරන්න කියලා ජනාධිපතිවරයා අපට උපදෙස් දුන්නා…”














































