මුම්බායි කණ්ඩායම සහ ලක්නව් කණ්ඩායම අතර IPL තරගාවලියේ ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් මුම්බායි කණ්ඩායම ලකුණු 81කින් ජයගැනීමත් සමග ලක්නව් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ඊයේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 8ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලකුණු 182 ක් ලබා ගන්නා ලදී.
පිළිතුරු ලෙස ලක්නව් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 101ක් පමණි.
මුම්බායි කණ්ඩායම මෙම තරගය ජයගැනීමත් සමග හෙට (26) දින පැවැත්වෙන තුන්වන අවසන් පූර්ව තරගයේදී ගුජරාට් කන්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතව ඇත.
ඒ අනුව හෙට එම තරගයෙන් ජය ගන්නා කණඩායම 28 වන ඉරිදා දිනයේ පැවැත්වෙන IPL තරගාවලියේ අවසන් මහා තරගයේදී චෙන්නායි කණ්ඩායම සමග තරගවදිනවා ඇත.













































