මාවනැල්ල අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ විදී සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව මහනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිළමේ මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් දින දහයක් පුරා පැවැත්වෙන මෙවර පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද (22) වීදි සංචාරය කෙරෙන අතර පෙරහැර සඳහා අලිඇතුන් 20 කට ආසන්න ප්‍රමාණයක් එක් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම පෙරහැර කටයුතු ආරම්භ කරමින් බස්නායක නිළමේවරයා පුරාණ චාරිත්‍රානුකූලව කිරිකොස් ගස අසලදී පිළිගෙන වලව්ව වෙත කැඳවා ගෙන එන පෙරහැර පස්වරු 2.00 ආරම්භ කෙරෙන අතර රාත්‍රී 8.00 ට වලව්වේ සිට මළුව දක්වා බස්නායක නිළමේ වරයා කැඳවා ගෙන ඒමේ පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව රජමහා විහාරයේ පෙරහැර සමඟ එක් වී රාත්‍රී 9.00 ට මෙවර අවසන් පෙරහැර ආරම්භ කෙරේ. පසුව
හෙට (23) දිනයේ දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය නිමාවට පත් වීමට නියමිතව තිබේ.
තවද පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුකම් සැපයීම සඳහා බස්නායක නිළමේ මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ උපදෙස් පරිදි සබරගමුව පළාත් සභාව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් කටයුතු සංවිධානය කර ඇති බව වාර්තා වේ .














































