අද (25) දහවල් කාලයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බවට වාර්තා වේ.
වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් තනි මාර්ගයේ දුම්රිය ගමන් කිරීම හේතුවෙන් මෙලෙස ගමන් වාර ප්‍රමාද වී තිබේ.
කෙසේ වෙතත් අද පස්වරුව වන විට ප්‍රධාන මාර්ගයේ දුම්රිය කටයුතු සාමාන්‍ය පරිදි සිදු කල හැකි බවට දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කර තිබේ.














































