රුපියල් කෝටි 30 ක් වටිනා වාලම්පුරියක් මාලඹේ අරංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසන්නේ මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමක් සතුව තිබූ මෙම වාලම්පුරිය ප්‍රසිද්ධ මූර්ති කැටයම් ශිල්පියෙකු විසින් විකිණීමට සැලසුම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට ගත් බවයි.
එම හිමිනම මෙම වාලම්පුරිය විකිණීම සඳහා මූර්ති ශිල්පියා අතරමැදියකු ලෙස යොදාගෙන ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණය වී තිබේ .














































