ගෑස් මිල යලිත් ඉහළ යාමත් සමග හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සමහර හෝටල්වල හා බේකරිවල විවිධ කෑම වර්ගවල මිල ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ ගෑස් මිල ඉහළ යාමත් සමග බනිස්, මාළු බනිස්, සෝටිස්, බිත්තර රොටී වැනි කෙටි කෑම වර්ගවල මෙන්ම රයිස්, කොත්තු, ඇතුළු ආහාර වර්ග මෙන්ම බත් පැකට්ටුවේ මිලද සමහර හෝටල් හිමියන් හා බේකරි හිමියන් විසින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් මෙම තත්ත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම තත්ත්වයන් පිළිබඳව සිදු කරන ලද විමසීමකදී අදහස් දක්වන ප්‍රදේශයේ හෝටල් හා බේකරි හිමියන් කිහිප දෙනකුම පවසන ලද්දේ ගෑස් මිල යාමත්, ආහාර නිෂ්පාදනයේ සිදුවන වියදම් ඉහළ යාමත් සමග ආහාර මිල මෙසේ වැඩි කිරිමට සිදුව ඇති බවයි.














































