පණුවන් සහිත ආහාර ලබා දුන් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රධාන අවන්හලක් සම්බන්ධයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
වාර්තා වන ආකාරයට නීතිඥවරියක් විසින් එම අවන්හලෙන් ආහාර රැගෙන නිවසට ගොස් අනුභව කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පණුවන් සිටි බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසු විට ඔවුන් ප්‍රකාශ කළේ එම අවන්හල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවත් , ඊට නිසි පියවර ගන්නා බවත් ය.














































