කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහ නගර සභාවට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් එම නියෝගය නිකුත් කර තිබේ.
මේ දිනවල ඇදහැලෙන අධිවැසි තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට ව තිබූ අතර ඒ හේතුවෙන් මහජනතාව ගේ දෛනික කටයුතුවලට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
නගරවැසියන් මෙන්ම අග නගරයට දෛනික ව පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මුහුණ දීමට සිදු වන එම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අවධානය යොමු වි තිබේ.
එහි දී කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙසට කාරක සභාව කොළඹ නගර සභාවට නිර්දේශ කර ඇති බව සදහන්.














































