බණ්ඩාරවෙල ප්‍රදේශයේ හෝටලයක දී කාන්තාවකට පහර දී ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .
පොලිසිය ප්‍රකාශ කරන්නේ පහරදීමක් සහ වස වර්ගයක් පානය කිරීමක් සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.
වාර්තා වන ආකාරයට කැළණිය , ගෝනවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (23) දින අදාළ හෝටලය වෙත පැමිණ පසුව අද (24) දින උදෑසන මෙම කාන්තාව හෝටලයට ගෙන්වා ගෙන තිබේ. අනතුරුව එම පුද්ගලයා හදිසියෙන් හෝටලයෙන් පිටව යාමත් සමඟ ඇතිවූ සැකය මත හෝටලයේ සේවකයන් ඔහු සිටි කාමරය පරීක්ෂා කර බැලීමේ දී එම කාන්තාවගේ සිරුර හමුව තිබේ.
පොලීසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීමේ දී සැකකරු විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක්ද එම කාමරයේ තිබී හමුව ඇති බව සඳහන් .
පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .














































