ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගෙන ඉන්දියාවේ කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ඉන්දියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.
මේ වන විට ඉන්දියාවේ කුකුළු ගොවිපොළ තුනකින් මෙරටට බිත්තර ආනයනය සිඳු කරන අතර එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ගොවිපොළවල් කිහිපයක් පරීක්ෂා කිරීම සඳහා මෙම පිරිස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම මෙම නිලධාරීන් පිරිස ඉන්දියාවේ චෙන්නාහි පිහිටි කුකුළු ගොවිපොළ කිහිපයක් පරීක්ෂා කිරීමේ කටයුතු සිඳු කර ලබන ඉරිදා දින නැවත දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන අතර ඉදිරියේදී දෛනිකව බිත්තර මිලියනයක් පමණ මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.













































