ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස වැඩි වශයෙන් බඳවාගැනීමට කටයුතු කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක් වන අයි.ආර්.ඕ. ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද (21) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ හමුවූ අවස්ථාවේදී ජපානයේ අයි.ආර්.ඕ. ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි මහතාගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වේ.
එම අවස්ථාවේදී නියෝජිත පිරිස යහපත් ප්‍රතිචාර දැක්වු අතර, ශ්‍රී ලාංකිකයින්ගේ තාක්ෂණික හැකියාව සහ වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහළින් අගය කරන බව සඳහන් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජපානයේ අයි.ආර්.ඕ. ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි, එහි සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා යන මහත්වරු සහ අයි.ආර්.ඕ. වැඩසටහන යටතේ ජපානය බලා යාමට සූදානම්ව සිටින රැකියාලාභීන් පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ .














































