සෝමාලියාවට බලපෑ අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ ගණන 100කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
එම අයහපත් කාලගුණ තත්ත්වය අසල්වැසි කෙන්යාවට ද බලපා තිබූ අතර ඉන් එරට සිදුවූ මරණ ගණන 76ක් බව සඳහන් .
නැගෙනහිර අප්‍රිකානු රටවලට මේ දිනවල ධාරාණිපාත වැසි තත්ත්වයක් බලපා ඇති අතර එහි වැඩිම බලපෑමට ලක්වූ සෝමාලියාවෙන් ජලගැලීම් ආපදා රැසක්ද වාර්තා වුණි. ජලගැලීම්වලින් එරට සිදුවූ මරණ ගණන 96 දක්වා ඉහළ ගොස් තිබේ.
එක්සත් ජාතීන්ට අනුව ජලගැලීම්වලින් අවතැන් වූ සෝමාලියානුවන් ගණන ලක්ෂ 7 ඉක්මවන බව ද වාර්තා වේ .
ජල ගැලීම් මරණ සම්බන්ධ පුවත අනාවරණ කර ඇත්තේ එරට රජයේ නාලිකාව වන සොන්නා පුවත් සේවය විසින් වන අතර එය එරට ආපදා කළමනාකරණ ආයතනය මඟින් ලබාදුන් දත්ත බවට ඔවුන් තහවුරු කරන ලදී .