ශ්‍රී ලංකාවට රටවල් 41කින් රැකියා බලපත්‍ර ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදෙස්ගත කිරීමට බලාපොරොත්තු වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම රැකියා බලපත්‍ර සදහා ශ්‍රමිකයින් යොමුකිරීමේදී වෘත්තීය කුසලතා සහ භාෂා හැකියාව යන අවශ්‍යතා සම්පූර්ණ කරන පුද්ගලයන්ට අවස්ථාව හිමිවන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
එසේම නිපුණතාව සහ භාෂා කුසලතාව වර්ධනය කර ශ්‍රී ලාංකිකයන් විදේශ ගත කිරීමටද විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට වැඩිදුරටත් සදහන් කර තිබේ.














































