සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වූ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව වාර්තා වේ.
ඒ අනුව සරත් ෆොන්සේකා මහතාගේ පුරප්පාඩුව සඳහා තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කර ගත් බව නියෝජ්‍ය කථානායකවරයා ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් සඳහන් කරන ලදී.













































