අලුබෝමුල්ල වාද්දූව ,පානදුර උතුර යන පොලිස් වසම් තුළ රන් මාල කොල්ලකෑම්වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (02) සවස පානදුර පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මුරවත්ත ප්‍රදේශයේ පදිංචි “මුරවත්තේ කබරයා “යන අන්වර්ථ නාමයෙන් හදුන්වන 30 හැවිරිදි අයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙහිවල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ පැහැර ගෙන එම ත්‍රීරෝද රථම යොදාගනිමින් පානදුර උතුර, අලුබෝමුල්ල ,වාද්දුව යන ප්‍රදේශවල මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන්මාල කොල්ල කා ඇති අතර එසේ කොල්ලකන ලද ලක්ෂ හතරකට ආසන්න වටිනාකමක් ඇති රන්මාල තුනක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව සදහන්.
ඊට අමතරව සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ,රන්මාල අලෙවිකළ මුදල්වලින් හෙරෝයින් ලබාගෙන ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරු විසින් පානදුර උතුර පොලිස්බල ප්‍රදේශයේ කාන්තාවකගේ රන්මාලය කොල්ල කා පළායන අයුරු CCTV කැමරාවලද සටහන් වී තිබුණි.














































