ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් දෙමුහුම් පළතුරක් නිපදවීමට ජපාන ගොවීන් පිරිසක් සමත් වී ඇති බව වාර්තා වේ.
මෙම පළතුර මෙතෙක් ජනතාව රස බලා නොමැති පළතුරක් වන අතර ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.
මෙය ලෙමන් පැණි කොමඩු ලෙස නම් කර තිබේ.
ලෙමන් පැණි කොමඩු ආහාරයට ගනු ලබන්නෙකුට ඇඹුල් රසයක් එක් වූ ගැඹුරු පැණි රසක් දැනෙන බව ජපාන ගොවීන් සඳහන් කර තිබේ.
ජපාන වෙළඳපොළ තුළ මෙම පළතුර ඇමෙරිකානු ඩොලර් 23.30 ක එනම් ශ්‍රී ලංකා රුපියල් 7000ක් පමණ මුදලකට මිල කර ඇති බවද සඳහන් .













































