මානසික ත්‍රස්තවාදය වැළැක්වීම සදහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
අතේ ආයුධ නොමැති වුවත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සිටින අය හදුනාගෙන ඔවුන් සමාජයට සිදු කරනු ලබන අහිතකර ක්‍රියා වැළැක්වීම සදහා නව නීති හදුන්වා දිය යුතු බවට ඔහු ප්‍රකාශ කර තිබේ.
රටේ නීතිය ආරක්ෂා කිරීම සදහා ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව කී අබේවර්ධන මහතා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට හමුදාව කැදවූයේ විශ්ව විද්‍යාල අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බවට රජයේ බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරක් අනුවයි.
ඒ අනුව විශ්ව විද්‍යාලය තුළ විවිධ දේශපාලන අරමුණු තිබෙන පුද්ගලයන් මෙවැනි ක්‍රියා සිදුකරමින් සිටින බවට අනාවරණය වේ.














































