ජපන් රැකියා වෙළෙදපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට විශේෂ අවසරයක් හිමිව ඇති බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ කැබිනට් මණ්ඩලය හරහා ඒ සදහා විශේෂ අනුමැතියක් හිමිවූ බවයි.
ඒ අනුව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු මේ වන විට සූදානම් කරමින් යන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.













































