ඩෙංගු මදුරුවන් පරීෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ළඟාවිය නොහැකි ස්ථාන එනම් උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කරගනිමින් පරීක්ෂා කිරීම අද (20) සිඳු කළ බව වාර්තා වේ.
ඒ අනුව එවැනි ස්ථානවල මදුරු කීටයන් බෝවිය හැකි , වතුර රැඳී තිබෙන ස්ථාන වලට ගුවනේ සිට ඩ්‍රෝන කැමාරාවක් උපයෝගී කර ගනිමින් BTI කැට යොදන ලද රසායනික ද්‍රව්‍ය ඉසීමද සිඳු කළ බව සඳහන්.
එමෙන්ම මේ වන විට රට තුළ තිබෙන ඩෙංගු ව්‍යාප්ත වීමේ තත්ත්වය පහව යන තෙක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් , දෛනිකව මෙම ඩ්‍රෝන යානා කොළඹ , ගම්පහ , කළුතර යන ප්‍රදේශවල සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයක් වෙතම ලබා දීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් කීට විද්‍යාඥ අයේෂා සරත්චන්ද්‍ර ,
“ජලය ඉවත් කරන්න බැරි තැන්වලට තමයි අපි කීට නාශක ඉසින්නේ. අපි මෙතනදි භාවිත කරන රසායනික ද්‍රව්‍ය යෙදීම මගින් ඉන්න මදුරු කීටයොත් විනාශ වෙනවා. ඒ තැන්වල මදුරුවන් ආපසු අලුතිත් බිත්තර දැමීමක් සිදුකරන්නෙත් නැහැ.”














































