නොරොච්චෝල ලක්විජය බලාගාරය වෙත මේ වන විට ගල් අඟුරු රැගත් නැව් 23ක් පැමිණ ඇති බවත් , 23 වන නැවෙන් මේ දිනවලදී ගල් අඟුරු ගොඩ බාමින් සිටින බවත් බලාගාර කළමණාකාර නාලක විජේකෝන් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ වන විට විදුලි නිශ්පාදනය උදෙසා මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ අසූ දහසකට ආසන්න ගල් අඟුරු තොගයක් ගබඩා වී ඇති බව නාලක විජේකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මේ දිනවල ඉලන්තඩිය මිහිදු සීමාවේ ගල් අඟුරු රැගත් නැව් විශාල වශයෙන් දැකගත හැකි බවත් , මෙම නැව් වලින් දෛනිකව ගල් අඟුරු ගොඩ බෑම සිඳු වන බවත් එසේ ගොඩ බෑම සිඳු කරන ගල් අඟුරු බත්තල් මඟින් ලක්විජය බලාගාරය වෙත රැගෙන එන බවත් වාර්තා කරයි.














































