ජල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් ජල සැපයුමේ පීඩනය අඩු වීමක් හෝ ජල සැපයුම අඩාල විය හැකි බවත් ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කර තිබේ.














































