English
සිංහල
21:25 ඉරිදා, ජූනි 7, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදා විශ්‍රාමික උසස් නිලධාරියා වෙනුවෙන් ජ.වි.පෙ. පෙනී සිටී.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා බ්ලැක් ලිස්ට් කිරීම අනීතික ක්‍රියාවක් බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.

    ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවක් කිරීම සඳහා බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළ අතර එහිදී ජාතික ජන බලවේගයේ නීතීඥ හර්ෂණ නානායක්කාර, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් අනුර ජයසේකර, විශ්‍රාමික රියල් අද්මිරාල් ප්‍රෙඩ් සෙනෙවිරත්න සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් එක්වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් දැක් වේ.

    විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතාව බ්ලැක් ලිස්ට් කර තිබෙන්නේ කැලෑ පත්තරයකින්
    ජාතික ජන බලවේගයේ නීතීඥ හර්ෂණ නානායක්කාර

    “මේ වනවිට ජාතික ජන බලවේගය ජනතා ආකර්ෂණය දිනාගෙන සීඝ්‍රයෙන් සෑම ක්ෂේත්‍රයක් තුළම පැතිරෙමින් තිබෙන මොහොතක්. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නිසාම, පාලකයන් ඡන්දය කල්දැමීමට සෑම උපක්‍රමයක්ම යොදමින් ඉන්නවා. ඒ වගේම ජාතික ජන බලවේගයට සහාය දෙන පුද්ගලයන්ට හිරිහැර කිරීම්, බාධාකිරීම් කරමින් ඉන්නවා. මේ සඳහා රජයේ නිලධාරීන් යොදා ගනිමින් ඉන්නවා. මෑතක ජාතික ජන බලවේගය විසින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයක් හදන්නට තීන්දු කළා. කිසිදු පක්ෂයකට මෙතෙක් කළ නොහැකි කාර්යයක් මෙවන් හමුදා සාමූහිකයක් ගොඩනඟන එක. මෙය බලවේගයක් ලෙස දිස්ත්‍රික්ක පුරා ගොඩනැගෙමින් තිබෙනවා. මෙයට නායකත්වය සපයන කෙනෙක් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා. ඔහු යහපත් කීර්තිමත් ඉතිහාසයක් ඇති ‘වික්‍රමවීර,’ ‘විභූෂණ’ සම්මානයට පාත්‍ර වුණු මුළු යුද කාලය පුරාම ෆයිටර් පයිලට් කෙනෙක් ලෙස තම ජීවිතය පරදුවට තබා, සතුරාගේ උණ්ඩයන්ට මුහුණ දෙමින් අප ජීවත් වෙන රට අපට අත්පත් කර දුන් අයගෙන් කෙනෙක්. ඔහු කළ කැපවීම් සියල්ල වෙනුවෙන් ඉහළම තනතුරක් වන එයාර් වයිස් මාෂල් තනතුරක් ලබා සියලුම ගරු සම්මාන බුහුමන් මැද්දේ විශ්‍රාම ලබාගත්තා. සතුරාගෙන් බේරාගත් රට නැවත විනාශයට ළඟා වෙනවා දුටු ඔහු රට බේරාගැනීමේ වුවමනාවෙන් විශ්‍රාමික හමුදා සාමූහිකත්වයට දායකත්වය සපයනවා. ඒ ඔහුගේ නිදහස.

    මේ වනවිට ඔහුව ‘බ්ලැක් ලිස්ට්’ කර තිබෙනවා. මේ රටේ සෑම පුද්ගලයෙක්ම නීතියේ විධානයේ ආධිපත්‍යයට යටයි. යමෙකුට දඬුවම් පමුණුවනවා නම් එයට පාදක වූ චෝදනාව කුමද්ද? කරන ලද විමසීම් මොනවාද? සම්පත් තුයියකොන්ත මහතා කැඳවා, හේතු දැක්වීමට අවස්ථාවක් ලබාදුන්නාද? චෝදනාව කුමක්ද කියාවත් ඒ මහතාට දැනුමක් නැහැ. මෙවන් ලිපියක් ඉදිිපත් කිරීමේදී ඉහළම නිලධාරියෙක් වුවත් එහි සඳහන් කළ යුතුයි “මට ලැබී ඇති අධිකාරී බලය යටතේ, අසවල් වරදට, අසවල් වගන්ති යටතේ ක්‍රියාකරමින් ඔබව බ්ලැක් ලිස්ට් කරමි” කියලා. ඒ ආකාරයෙනුයි නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කළ යුත්තේ. මේ මහතාව බ්ලැක් ලිස්ට් කර තිබෙන්නේ කැලෑ පත්තරයකින්. වලංගු නැති ලේඛනයකින්. ඔහුට දේශපාලන රැස්වීමක් එයාර් ෆෝස් කෑම්ප් එකක් ඇතුලේ තියන්න බැහැ. නමුත් සියලුම විශ්‍රාමිකයන්ට තිබෙන වරප්‍රසාද කිහිපයක් තිබෙනවා. මුළු ජීවිත කාලයම රට වෙනුවෙන් කැප වී සතුරාට මුහුණ දුන් ඔහු තම හෘද සාක්ෂියට එකඟව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තමයි මේ අනීතික දඬුවම ඔහු වෙත යොමුකර තිබෙන්නේ. ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම මීට එරෙහිව අවශ්‍ය නීති ලේඛන සකස් කරමින් ඉන්නවා. අපි ඉතා ඉක්මනින් මානව හිමිකම් නඩුවක් සහ මෙම ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා රීට් ආඥාවක් උසාවියේ ගොනුකිරීම සඳහා කටයුතු කරනවා.

    සියලුම රජයේ නිලධාරීන්ට අපි ප්‍රකාශ කර සිටිනවා, ඔබලාද නීතියට යටත්. තමන්ව පාලනය කරන දේශපාලනඥයා සන්තෝස කිරීමට නියෝග, තීන්දු ගන්න ඔබලාට බැහැ. ඒ වගේම රජයේ නිලධාරියෙක් වුවත් අනීතික නියෝග ක්‍රියාත්මක කළොත් ඔහු දඬුවම් විඳිය යුතුමයි. ඔබට තරු කීයක් තිබුණත්, පටි කීයක් ඔබගේ යුනිෆෝම් එකේ තිබුණත් ඔබත් මේ රටේ නීතියට යටත්. යම් හෙයකින් ඔබගේ තනතුර දේශපාලකයන් පිනවීම සඳහා ඔබ භාවිතා කරනවා නම්, එය නීතිමය වරදක්. මෙම සම්පත් තුයියකොන්ත මහතා බ්ලැක් ලිස්ට් කිරීම අනීතික ක්‍රියාවක්. මෙය හුදෙක්ම අපට සහාය දෙන්නන් වළක්වන්න, බිය ගැන්වීමට කරන්නාවූ ක්‍රියාවලියක්. අපි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කියනවා ඔවැනි ක්‍රියාවලට අපි බය වෙන්නේ නැහැ. අපි මේ සඳහා මුහුණ දෙන්න සූදානම්. ඒ වගේම සම්පත් තුයියකොන්ත මහතා වෙනුවෙන්, ඔහුගේ අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා.”

    සීමා පැනවීම්වලින් අප අධෛර්යමත් කළ නොහැකියි
    ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් අනුර ජයසේකර

    “වසර 30ක් 35ක් හමුදාවේ සේවය කොට, විශ්‍රාම ගොස් සිටින මොහොතක රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා වෙනසක් කිරීමේ අරමුණින් මේ විශ්‍රාමික සමූහය ගොඩනගාගෙන ජාතික ජන බලවේගයට සහයෝගය ලබාදීමට අපි කටයුතු කළා. විශ්‍රාමික ප්‍රජාවෙන් විශාල කණ්ඩායමක් මේ විශ්‍රාමික සාමූහිකය වටා එකතු වී සිටිනවා. අපි දුටුවා මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට හැකි අදූෂිත බලවේගය ජාතික ජන බලවේගය හා එහි නායකත්වය බව. එහි නායකත්වයේ අදූෂිත බව, හැකියාව, දුරදැක්ම කෙරෙහි අපි විශ්වාසය තැබුවා. අපේ අනන්‍යතාවයත් පවත්වාගෙන ඉදිරි ගමනක් යාමට අපි ජාතික ජන බලවේගයට සහයෝගය ලබාදීමට කටයුතු කළා. අපි ඉදිරියටත් කටයුතු කරනවා.

    ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සෙබළුන්ටත් නිලධාරීන්ටත් කඳවුරුවලට ඇතුල්වීම වාචිකව සීමා කර තිබෙන බව දැනගන්නට ලැබුණා. විශ්‍රාමික නිලධාරීන්ගේ වාර්ෂික සංවත්සර, සුහද හමු තිබෙනවා. ඒවාට සහභාගී වීම සීමා කර තිබෙනවා. මගේ පාඨමාලාවේ එකමුතුව පසුගිය සෙනසුරාදා කුකුලේගඟ නිවාඩු නිකේතනයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණා. මෙය වසර හතළිහක් තිස්සේ කරන පාඨමාලාවක්. ඒ පාඨමාලාවට අදාළ සංවිධානය විසින් මට දැනම් දුන්නා මගේ නම එයින් ඉවත්කර තිබෙන බව. ඒ වගේම සමූහයේ ඉන්න මේජර්වරයෙකුටත් සීමා පනවා තිබෙන බව දැනුම්දුන්නා. අපි කෙසේවත් මේ නිසා අධෛර්යමත් වන්නේ නැහැ. මේ ව්‍යායාමය පටන් ගත්තේ දීර්ඝ ලෙස සාකච්ඡා කරලා. මේ රටේ තිබෙන ආර්ථික, දේශපාලන, සමාජීය අර්බුදවලින් මේ රට ගොඩගැනීමට, වෙනසක් කිරීමට හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණක් බව අප දුටුවා. ඒයට ලොකු ශක්තියක් වීමට අපි ජාතික ජන බලවේගයට සහයෝගය දෙන්න තීරණය කළා.
    අපිව මේ තත්වයට ගෙනැවිත් හොඳ පුරවැසියෙක් බවට කළේ, හොඳ වෘත්තීමය නායකයෙක් කළේ, සාරධරම ගොඩනැගුවේ ඒ හමුදාවන්. ඒ හමුදාවන්ට අගෞරවයක් වෙන ආකාරයට අපි කිසිදා දිනක වැඩ කරන්නේ නැහැ. අපි මේ ඉදිරියට පැමිණියේ මේ රටේ අවශ්‍යතාවයට. මාත් සමග සිටින විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සියලුම නිලධාරීන් සහ අනෙකුත් සාමාජිකයන් මේ පිළිබඳ කිසිදු හෝ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරගෙන යනවා.”

    සැබෑ වෙනසක් කිරීමට එක්වන ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සියලු සාමාජිකයන්ට ඇරයුම් කරනවා
    විශ්‍රාමික රියල් අද්මිරාල් ප්‍රෙඩ් සෙනෙවිරත්න

    “මම අවුරුදු 34ක සේවා කාලයකට පසුව 2022 වසරේදී විශ්‍රාම ලබාගත්තා. පුද්ගලිකව දේශපාලන මතවාදයක සිටි කෙනෙක් නොවන නමුත් රට පත්වී ඇති විනාශය දකින විට, පවත්නා දේශපාලන සංස්කෘතිය වෙනස නොකර මේ රට ගොඩගන්න බැරි බව පෙනී ගියා. ඒ වගේම මට හැඟී ගියා එය කළ හැක්කේ ජනතා සිතුම් පැතුම් තේරුම් ගත්, අදූෂිත එකම දේශපාලන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය බව. ඒ නිසා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සමග එක්ව ජාතික ජන බලවේගයට සහයෝගය ලබාදීමට තීරණය කළා.

    විශ්‍රාමික හමුදා සේවකයන් ලෙස අපේ අනන්‍යතාවය රැකගන්නා ගමන් අප සේවය කළ සේවාවන්හි ගෞරවය, පැවැත්මට, කීර්තිනාමයට හානියක් නොවන පරිදි ජාතික ජන බලවේගයට සහයෝගය දීම අපේ ප්‍රතිපත්තියක් බව ප්‍රකාශ කරන්නේ කැමැත්තෙන්. මේ අවස්ථාව උපයෝගී කරගන්නවා තවමත් අප සාමූහිකයට එක්වී නැති අනෙකුත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ඇරයුමක් කරන්න, අප සමග එක්වී රටේ මේ වෙනස කිරීමට සහයෝගය දෙන ලෙසට.”

    විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සීමා පැනවීම දේශපාලන දඩයමක්
    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

    “ජාතික ජන බලවේගය මේ රට වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ මහජන ව්‍යාපාරයක් මගින් මහජන ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙනුයි. මේක අපේ රටේ දේශපාලනයේ අලුත් ප්‍රවණතාවයක්. අලුත් භාවිතයක්. මහජන ව්‍යාපාරයකදී සමාජයේ විවිධ තරාතිරම්වල, විවිධ වෘත්තීන්වල, විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. එහි දිගුවක් ලෙස, වසර 30ක් පැවති යුද්ධය අවසන් කිරීම සඳහා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් සම්බන්ධ කරගෙන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ගොඩනගනු ලැබුවා. ඒ අය දිස්ත්‍රික් මට්ටමින්, ගම් මට්ටමින් මේ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට දායකත්වය සපයමින් ඉන්නවා. මෙයට දායකත්වය දෙන සියලු දෙනාම පාහේ තමන්ගේ හමුදා ජීවිතය ඇතුලේ දේශපාලනය කළ අය නොවෙයි. අද මේ රට පත්වී ඇති ඉරණම පිළිබඳව දැකලා ඔවුන් හමුදා සේවයෙන් එපිටට ගොස් තවත් සේවයක් ඉටුකිරීමේ පදනමින් ස්වේච්ඡාවෙන් මේ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට සම්බන්ධ වී තිබෙනවා.

    කෙසේ නමුත් ජාතික ජන බලවේගයේ ශක්තිමත් වෙනවා දැකීමට අකමැති පිරිස් තුයියකොන්ත මහතා ඇතුළු කිහිපදෙනෙකුට විරුද්ධව සීමා පැනවීමේ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මේ රට ගොඩනැගීමේදී මැදිහත් වන සියලුම දෙනා ඉටුකරමින් ඉන්නේ ජාතික වගකීමක්. ඒ අය ජාතික ජන බලවේගය වටා එකතුවී කටයුතු කරමින් ඉන්නේ හුදු පෞද්ගලික අරමුණකින් නොවෙයි. මේ රට පාලනය කළ අය විසින් සිදුකරන ලද දැවැන්ත වංචා දූෂණ ඒ අය දුටුවා. මේ රට විනාශ කළ නාස්තිකාරී දේශපාලනය සංස්කෘතියට, වැරදි ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව ඔවුන් හඬ නඟමින් ඉන්නවා. මේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන වෙනසක් වෙනුවෙන් සියලුම මට්ටමවලදී දායකත්වය පුදකරමින් ඉන්නවා. මේ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් විසින් කරනු ලබන මැදිහත්වීම් පිළිබඳව අතිශය අගය කළ යුතුයි. ඔවුන් ආරක්ෂා කර ගත යුතුයි.

    මෙවන් අවස්ථාවක එයාර් වයිස් මාෂල් තුයියකොන්ත මහතා ඇතුළු යම් කණ්ඩායමකට විරුද්ධව සීමා පැනවීමේ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව පැත්තෙන් දියත් කර තිබෙනවා. මේක පැහැදිලිවම දේශපාලන දඩයමක්. මේ සියලු දෙනාටම ව්‍යවස්ථානුකූලවම අයිතියක් තිබෙනවා මේ රටේ පුරවැසියන් හැටියට තමන් කැමති දේශපාලන මතයක් දරන්න, ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්න, ජනතාවට කරුණු කියන්න, ජනතාව සංවිධානය කරන්න, දේශපාලන පක්ෂයකට බැඳී වැඩ කරන්න. මේ අය මේ ක්‍රියාමාර්ගයට එළඹී තිබෙන්නේ හමුදාව තුළ සිට නොවෙයි. හමුදා සේවයෙන් විශ්‍රාම යාමෙන් පසුවයි. ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග අරගෙන තිබෙන්නේ කවුද? හමුදාවෙන් විශ්‍රාම ගියාට පසුව දේශපාලනය කරලා රටේ ජනාධිපති වුණු ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වන ආරක්ෂක ඇමති රනිල් වික්‍රමසිංහ. ඒ වගේම හමුදා නිලධාරියෙක් ලෙස කටයුතු කළ කමල් ගුණරත්න මහතා තමයි ආරක්ෂක ලේකම්වරයා වෙන්නේ. ඒ අය ආරක්ෂක අංශයේ ඉහළ නිලතල දරමින් සිටියෙදී විශ්‍රාමිකව ජාතික ජන බලවේගයත් සමග එකතු වී කටයුතු කරන අයට එරෙහිව යම් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අපේ රටේ විශ්‍රාමික හමුදා නිලධාරීන් දේශපාලනයට එන එක අරුමයක් නොවෙයි. දැනටමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා විශ්‍රාමික හමුදා නිලධාරීන්. ඒ වගේම ඇමති ධුර දරන අය ඉන්නවා. පළාත් සභා මට්ටමේ අය සිටියා. සමහර පරිපාලන සේවයේ අය කැඳවීමෙන් අමාත්‍යාංශ ලේකම් ධුර තනතුරු දරමින් ඉන්නවා. එවැනි ආණ්ඩුවත් සමග කටයුතු කරන අය සිටියෙදී මේ ආණ්ඩු විසින් රට බංකොලොත් කළ අය පිළිබඳව ජනතාවට කරුණු හෙළිදරව් කරන අයට එරෙහිව තමයි මේ දේශපාලන දඩයම දියත් කර තිබෙන්නේ. මේ රටේ ජනතාව එකහෙළා මෙයට එරෙහි විය යුතුයි. ආණ්ඩුව මේ අයට එරෙහිව කුමන ක්‍රියාමාර්ග ගත්තත් ජනතාව සමග එක්ව ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. ආණ්ඩුවට මේ සෙල්ලම් කළ හැක්කේ ජන වරමක් උරගා බලන තෙක් පමණයි. අපිට විශ්වාසයක් තිබෙනවා මේ ගනු ලැබූ ක්‍රියාමාර්ගයට එරෙහිව අධිකරණය ඉදිරියේ පුරවැසියාගේ අයිතිය වෙනුවෙන් ඉතා යහපත් තීන්දුවක් අපට ලැබෙයි කියලා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකට සම්බන්ධ වූ සියලුම දෙනාට ධෛර්ය සම්පන්නව මීට මුහුණ දෙමු යැයි අපි අවධාරණය කරනවා.”

    (lankathruth.com)

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version