ඊයේ (27) දින රාත්‍රී දහයට පමණ ගල්ගමුව, මහගල්කඩවල, නෙළුම්ගම, පදිංචිව එක් දරු පියෙක් වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය සදහන් කොට තිබේ.
වල අලි ප්‍රහාරයෙන් මෙසේ මරණයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි උපාලි නමැති පනස් හය හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කර ඇත.
පළමුවරට මෙම ප්‍රහාරය සිදුවූ ප්‍රදේශයට වල් අලි දෙදෙනකු පැමිණ ඇති අතර ගම්වාසීන් විසින් පලවා හැර තිබේ. එම සිසිදුවීමෙන් ටික වෙලාවකට පසුව මෙම මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේ ශබ්ද ඇසීම නිසා ඔහු විදුලි පන්දමක් දල්වාගෙන මිදුලට පැමිණි අවස්තාවේ අලියෙකු ඉදිරියට පැමිණ ඔහුට පහරදී තිබේ.
අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු ඔහු ගල්ගමුව රෝහලට ඇතුළත්කොට ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.














































