ඕස්ට්‍රේලියාවේ හඳුනා ගත් රැකියා හිඟය සම්පූර්ණ කිරීම සඳහා පුහුණු සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතියක් ඕස්ට්‍රේලියා රජය විසින් දියත් කර ඇති බව ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක් නිවේදනය කර තිබේ.
වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට කර්මාන්ත , සෞඛ්‍ය , අධ්‍යාපනය , යටිතල පහසුකම් , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ තාක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ කම්කරුවන් බඳවා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් පිටත සිටින පුද්ගලයින්ගෙන් වීසා අයදුම්පත් කැඳවන බවත් , Skilled Independent visa (subclass 189) සහ Skilled Nominated visa (subclass 190) යන වීසා බලපත්‍ර දෙකම ස්ථීර පදිංචිය සඳහා වන වීසා වර්ග බවත් , Skilled Work Reginal (Provisional ) (subclass 491 ) යන වීසා බලපත්‍රය මඟින් වසර 3කට පසුව ස්ථීර පදිංචිය සඳහා ඉල්ලුම් කළ හැකි බවත් , මෙම වීසා වර්ග තුනම පුරවැසිභාවය සඳහා මාර්ගය සැලසෙන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
ඒ අනුව පහත වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.















































