ඔටිස් සුළි කුණාටුව දකුණු මෙක්සිකෝවට කඩා වැදී ඇති බව වාර්තා වේ.
පැයට කිලෝමීටර 260ක වේගයෙන් සුළි කුණාටුව හමා යන බවට අමෙරිකානු කාලගුණ විද්‍යා අංශ සඳහන් කර තිබේ.
ඉන් වැඩි බලපෑමක් ගුරේරෝ ප්‍රාන්තයට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් පාසල්ද වසා දමා තිබේ.
මෙක්සිකෝවේ ජනාධිපතිවරයා එරට ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ආරක්ෂිත ස්ථාන කරා කඩිනමින් යොමුවන ලෙසයි.















































