15 හැවිරිදි පාසල් සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප ලබා ගැනීමට තැත් කළ දේවගැතියෙකු සීදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර ඔහුව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තා වේ.
මෙම සැකකාර දේවගැතිවරයා අවස්ථා කිහිපයකදී මෙම සිසුවාට නිරුවතින් සිට වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් ලබා ගන්න ලෙසට ප්‍රකාශ කර ඇති බව පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචි දේවගැතිවරයෙකි.














































