ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම ඊයේ (20) අනුමැතිය ලබා දුන් බව වාර්තා වේ.
ඒ අනුව ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට 18කින් විදුලි ගාස්තු ඉහළ නැංවෙනු ඇත.
මේ අතර, විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වූ බව වාර්තා වේ.
මේ අතර, විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය සහ ඇඹිලිපිටිය වෙළෙඳ සංගමය සංවිධාන කළ විරෝධතාවක් ඇඹිලිපිටිය නගරයේ දී පවත්වන්නට යෙදුණු බව වාර්තා වේ.














































