අභිරහස් ලෙස මිය ගිය ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය යලි ගොඩ ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භවී ඇති අතර එය විවෘතව සිදුකලයුතු බවට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබියදීත් පොලිසිය මාධ්‍යයට එය ආවරණය කිරීමට ඉඩ නොදෙමින් ක්‍රියා කරන බවට වාර්තා කරුවෝ සදහන් කරති.
ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිශ්චය කිරීම සදහා අධිකරණය විසින් පත් කරන ලද වෝහාරික වෛද්‍ය විද්‍යාව පිලිබදව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ ඉල්ලීම අනුව මෙම දේහය අද දින ගොඩ ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති අතර ඊයේ (24) දින දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පාර්ශවය අධිකරණයෙන් ඉල්ලාසිට ඇත්තේ දේහය ගොඩ ගැනීමේ කටයුතු ආවරණ සහිතව සීමා සහිත පිරිසක් මධ්‍යයේ සිදුකරන ලෙසය. කෙසේ උවද මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් නියෝග කර ඇත්තේ මෙම දේහය ගොඩ ගැනීමේ කටයුතු විවෘතව සිදු කල යුතු බවය.
ඒ අනුව අද මෙම කටයුතු ආවරණය කිරීමට මාධ්‍යවේදීන් පැමිණියද ඔහුනට බොරැල්ල කනත්ත සුසාන භුමි පරිශ්‍රයට ඇතුල්වීමට පොලිසිය ඉඩ ලබා දී නැත. අධිකරණ නියෝග ප්‍රකාරව එය වාර්තා කිරීම සදහා පිවිසියහැකි සීමාවක් නම් කර ඇතත් එම ස්ථානයටවත් ලගා වීමට ඉඩ ලබා නොදීම සම්භන්ධයෙන් මාධ්‍යවේදීන් පොලිසියට චෝදනා කරති.
lankasara














































