යුධ හමුදා සෙබළෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ, පුත්‍රයා කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පහර කෑමට ලක්වූ හමුදා සෙබළා ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
කලක සිට පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු වී ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද(04) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































