ආරච්චිකට්ටුව පොලිසිය මගින් වයස අවුරුදු පහක මිනිබිරියට ලිංගික අතවර සිදුකලා යැයි පැවසෙන සීයා සොයා විමර්ශන ආරම්භ කොට ඇති බව වාර්තාවේ.
ඒ ඊයේ (20) දින දැරියට මෙම ලිංගික අතවරය සිදුව ඇති බවට දැරියගේ මව විසින් අද (21) දින ආරච්චිකට්ටුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කොට ඇති අතර සැකකරු ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.














































